ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ

ලංකාවේ වැඩිම වැටුප් ලබන බුද්ධිමතුන්ගේ ආයතනයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයින්ට ආර්ථික ඝාතතකයින්ගේන් බණ අහන්නට සිදුව ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

‘‘මහ බැංකු අධිපතිවරයා පසුගිය ජූලි 27 දින දෙරණ හයිඩ් පාර්ක් වැඩසටහනට පැමිණ ගජබින්නාලංකාරය ගායනා කළා. මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් මහ බැංකු අධිපතිවරයා ගේ ප්‍රකාශ ගැන විමතිය පළ කරනවා. වෘත්තිකයින්ගේ දැනුම පැත්තක තියලා, මහ බැංකුව ආර්ථික ඝාතකයින්ගෙන් බණ අහනවා.‘‘
මහ බැංකු සාක් පහසුකම යටතේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක් ලබා ගැනීමට කටයුතු කරනවා කියලා. මහ බැංකුවේ නිලධාරීන් පැහැදිලිව කියනවා ඉන්දීය රජය ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ දිගු කාලීන වැඩසටහනකට යොමු විය යුතු යැයි උපදෙස් දී ඇති බව.

ලංකාව ලෝකය පුරා දැන් හිඟමනේ යනවා. බංගලි දේශයේ ලංකාවට ඩොලර් මිලියන 200 ක් ලබා දෙන බවට ප්‍රවෘත්ති පළ වී දැන් මාසයකට වැඩි කලක් ගෙවී ගිහින්. අඩුම ගානේ බංගලිදේශ – ලංකා නිලධාරීන් මේ ගැන මුලික කෙටුම්පතක් වත් සකස් කර නෑ.

ආණ්ඩුව කරන්නේ කොළඹ වටිනාම ඉඩම් ටික විකුණන්නට හදන එක. හමුදා මුලස්ථානය විකුණුවා. දැන් ගුවන් හමුදා මුලස්ථානයත්, චාමර්ස් ධාන්‍යගාර ඉඩම විකුණන්නට හදනවා. කොළඹ විකුනන්නට සුදානම් කරපු ඉඩම් 30 කට පමණ මේ දවස්වල ආණ්ඩුව ගණුදෙනුකාරයෝ හොයනවා. ඉඩම් විකුණලා කන්න දෙන්න ආර්ථික විද්‍යාවක් අවශ්‍ය නෑ. නාස්තිකාර පුත්තු – දුවලත් ඒක කරනවා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරකයෝ ආර්ථික විද්‍යාඥයින්ට තැනක් දෙන්නේ නෑ. රටේ ආර්ථික විනාශ කරන්නේ ‘බ්‍රෝකර්ලා‘ ටිකක් එකතු වෙලා.

දැන් කඩවල්වල විදේශයන්ගෙන් ගෙනාපු බඩු විතරක් නෙවෙයි, ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ. රට පුරාම රෝහල්වල දියවැඩියාව, පිළිකා, අතුළු රෝගවලට අත්‍යවශ්‍ය ඖෂධ නෑ.

පොහොර ගෙන්වන්න ඩොලර් නැතිව කාබනික වගාවක් ගැන සුරංගනා කථා කිව්වා. දැන් නැගෙනහිර පලාතේ ගොයම් කපනවා. මෙවර වී අස්වැන්න අඩුවෙලා කියලා ගොවියෝ මැසිවිලි නගනවා. රටේ සාගතයක් අත ලඟටම ඇවිත් තියෙනවා. මේ යල කන්නයේ අතිරේක ආහාර භෝග 11 ක අස්වැන්න අඩුවෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. සෞභාග්‍යය කෙසෙවෙතත් දැන් සාගතය නම් හැම ගමක් – නගරයකටම එමින් තියෙනවා.

ගෑස් සමාගම් බංකොළොත් වෙලා. ලෝකයේ කොයි රටේද ඉන්ධන සමාගම් බංකොලොත් වෙන්නේ. ලංකාවේ විතරයි. ගෑස් ගේන්න ඩොලර් නෑ. ගෑස් පාර්භෝගිකයෝ ලක්ෂ 19 ක් ගෑස් හොය හොයා ඇවිදිනවා.

බොර තෙල් මිලදී ගන්නට ඛනිජ තෙල් සංස්ථාව කැඳවපු බොරතෙල් ටෙන්ඩර් දෙකට එකම ගැණුම්කරුවෙකු වත් ආවේ නෑ. දැන් වැඩි මිලට සිංගප්පුරුවෙත් ඩීසල් පෙට්‍රල් මිල දී ගන්නවා. ඩොලර් නැතිව ලග දී ම රටම අවුලකට පත් වෙනවා.

– media unit

  1. පහු ගිය දවස් වල අත්යාවශ්ය බඩු සමහරු රට ගියා, සමහරු හිරෙ ගියා, සමහරු පොලීසිය බාර ඇමති ගාවට ගිය නිසා, මෙ බඩු හින්ගය උනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56