ලංකාවෙන් ගිය දක්ෂ කැඩෙට් කෙනෙක් විදිහටයි මම ඉන්නේ

පකිස්තානයේ රූගත කරනු ලබන Sinf-e-Aahan (women of steel) අයෝමය ගැහැනිය ටෙලි කතා මාලාව ගැන මේ වෙද්දී බොහෝ දෙනා කතා වෙනවා. ඒ කිසිවක් නිසා නොව එහි රංගන දායකත්වය ලබා දෙන ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් සිටින නිසා. ඒ වෙන කවුරුත් නොව මේ වෙද්දී ජනප්‍රිය ළාබාල රංගන ශිල්පිනියක් වන ටාෂියා කාලිදාස.

නම – යෙහාලි ටාෂියා කාලිදාස.

ගම – නුවර අම්පිටිය

පාසල – Lexicon ජාත්‍යන්තර පාසල

පවුලේ විස්තර – අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. අම්මා ගෘහණියක්. තාත්තා – සංචාරක අංශයේ වැඩ කරන්නෙ. අක්කා චීනයේ උසස් අධ්‍යාපන ලබලා දැන් ෆාමසි එකක රැකියාව කරනවා.

පාසලේ කලා නිර්මාණ වලට දායක වෙලා තියෙනවද?

සම්බන්ධ වෙලා නැහැ. මොකද නාට්‍ය එහෙම තිබුණේ නැහැ. මම ඩාන්සින් කළා.

පාසල් කාලේ ඉඳන් තියෙන හීනයක්ද මේ රංගනය

අනේ නැහැ. මම තාම ඉගෙන ගන්නවා. මට තවම වයස අවුරුදු 18යි. 2023 වසරේදී තමයි උසස්පෙළට පෙනී ඉන්නේ. මගේ හීනේ වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි. තාමත් ඒ හීනය තියෙනවා. නමුත් අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආවේ.හැබැයි ආසාවෙන් දැන් රංගන කටයුතු කරගෙන යනවා.

කොහොමද රංගනයට එකතු වෙන්නේ?

පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මම මුලින්ම එන්නේ වෙළෙඳ දැන්වීම්වලින්.

දැන්වීම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මගේ ෆොටෝස් ඉන්ස්ටග්‍රෑම්එකෙන් දැකලා චතුර ෆෙරෝෂ් තමයි මුලින්ම කතා කළේ. මගේ මුල්ම වෙළෙඳ දැන්වීම තමයි චෙකර්ස් කුකීස්. ඊට පස්සේ තවත් වෙළෙඳ දැන්වීම වලට දායක වුණා. ඒ අතර කොමර්ෂල් බෑන්ක්, Hutch, පෙප්සි, මෝර්ටීන්, පීසා හට්, සතොස, AMW, SLTC Campus, සන්ලයිට්, මැගී පපරේ කොත්තු, MD සෝස් කියන වෙළෙඳ දැන්වීම් එක්ක තව දැන්වීම් තියෙනවා.

එතකොට මුලින්ම රංගනයට එන්නේ

සුජීව ප්‍රියාල් ගෙ Inter නැෂනල් නාට්‍යයේ මීනුගේ චරිතයෙන්. එතනදී මට වාසනාව ලැබුණා දුලීකා මාරපන වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියන් එක්ක වැඩ කරන්න. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

ඒ මුල්ම රංගන අත්දැකීම කොහොමද?

ඉතාම හොඳයි. මොකද ගොඩක් ප්‍රවීණ අය එක්ක එකට රඟපාන්න ලැබුණා. රංගන ජීවිතේට ලොකු අත්දැකීම් ටිකක් එකතු වුණු නිර්මාණයක්.

ඊට පසු නිර්මාණ

Inter නැෂනල් එකෙන් පස්සේ ධනුෂ්ක රත්නායක අයියගේ “දාම්” සහ සමීර හසුන් අයියගේ “චලෝ” නිර්මාණයට මේ වෙද්දී දායක වෙලා තියෙනවා. චලෝ හි නම් මුල් කොටස් වල පමණයි ඉන්න වුණේ. මොකද ඒ රූපගත කිරීම් අතරේ තමා මට පකිස්ථානයට යන්න වුණේ.

සිනමාවට ආරාධනා එහෙම කොහොමද?

අරුණ ජයවර්ධනගෙ Happy Birth Day චිත්‍රපටයේ රඟපෑවා.

කොහොමද මේ පාකිස්ථාන ටෙලි කතා මාලාවට අවස්ථාව ලැබෙන්නේ

මේ අවස්ථාව උදා කරන්නේ කර්නල් රෝහණ වික්‍රමසිංහ විසින්. ඔහු තාත්තාගේ යාළුවෙක්. ඔහු තමා කිව්වේ මෙහෙම පාකිස්ථාන ඩ්‍රාමා එකක් තියෙනවා ඔයා බයෝ ඩේටා එකක් එවන්න කියලා. එච්චර අපි බලාපොරොත්තු තියා ගත්තේ නැහැ. නමුත් පස්සේ ඔහු අපිට කිව්වා මම තේරිලා ඉන්නවා කියලා. ඊට පස්සේ පකිස්ථානයේ අධ්‍යක්ෂකවරයා එක්ක සූම් වලින් කතා කළා. ඔහු කිව්වා උර්දු වලින් දෙබස් තියෙන වීඩියෝ එකක් එවන්න කියලා. ඒක යැව්වම ඔහු මාව තෝරා ගත්තා.

විදෙස් ශිල්පින් එක්ක රංගනයේ යෙදීමෙන් ලැබුණු අත්දැකීම ගැන කිව්වොත්

ඇත්තටම බොහොම හොඳ අත්දැකීමක්. එහෙ ඉන්න හොඳම නළු නිළියන් තමයි ඒකට දායක වෙලා තියෙන්නේ. මම Sajal Aly ගැන කිව්වොත්, ඇයගේ මම් කියන චිත්‍රපටය මම බලලා තිබ්බා. ඉතින් ඇය මම මුල ඉඳන්ම දැනගෙන හිටියා.

ඒ හැමෝම හරිම දක්ෂයි.එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා. එතන තව කෙනෙක් හිටියා Yumna Zaidi. එයා හොඳම සහ ජනප්‍රියම නිළිය කියන සම්මාන දෙකම ලබා ගත්ත කෙනෙක්. ඉතින් ඒ වගේ අය එක්ක රඟපාන්න මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන ගොඩක් සතුටුයි.

මේ Sinf-e-Aahan (women of steel)

අයෝමය ගැහැනිය ටෙලි කතා මාලාවේ කොටස් කියක් තියෙනවද?

කොටස් 26ක් තියෙනවා.

චරිතය ගැන කියමුද පොඩ්ඩක්

වැඩි විස්තර නම් චරිතය ගැන කියන්න බැහැ. ඒක නිර්මාණය තුළින්ම බලන එක තමයි මම හිතන්නේ හොඳම. කෙටියෙන්ම කියනවා නම් මම ශ්‍රී ලංකාවෙන් ගිය දක්ෂ කැඩෙට් කෙනෙක් විදියට මම ඉන්නේ.

අහම්බෙන් පටන් ගත්ත රංගන ජිවිතේ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ

මම කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න හිතුවේ නැහැ. ඒ වුණාට මම හිතන්නේ මේක මට දෙවියන් දීපු එක. මේක මගේ වෘත්තීය බවට පත් කරගන්නේ නැහැ. මගේ අරමුණ ගුවන් සේවිකාවක් වෙන එක. ඒ අතරේ ලැබෙන නිර්මාණ වලට දායක වෙනවා.

රංගන ජිවිතේ ගත්තම ඔබේ ඉලක්කය මොකක් ද?

කවදා හරි දවසක හොඳම නිළිය හෝ ජනප්‍රියම නිළිය සම්මානය ගන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සරහට බලමු.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11