ලංකාවට තනිව ලෝක කුසලානයක් පැවත්වීමට නොහැකි ඇයි ?

ශ්‍රී ලංකාවට තනිව ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමට නොහැකි හේතුව ඇමති නාමල් අනාවරණය කර සිටියා. ක්‍රීඩා අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කර සිටියේ ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයකදී ය.

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4 ක් පමණක් බවත්, ක්‍රිකට් ලෝක කුසලානයක සත්කාරකත්වයක් තනිව දැරීමට නම් අඩුම වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක්වත් තිබිය යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

යම් හෙයකින් ක්‍රීඩාංගණ 4ක් හෝ නොතිබුණේ නම් තවත් රටක් හෝ කිහිපයක් සමඟ සමසත්කාරකත්වයක් හෝ දැරීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට නොලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

” අදට අපට ක්‍රිකට් ජාත්‍යන්තර පිට්ටනි 4 යි තියෙන්නේ. අපට 5 ක් තිබ්බා නම් වර්ල්ඩ් කප් එකක් තනියම host (සත්කාරකත්වය) කරන්න පුළුවන්.
අපට 5 ක් නැති නිසා තමයි අපි අසල්වාසි රටවල් එක්ක එකතු වෙලා වර්ල්ඩ් කප්වලට bidding වලට යන්නේ. අපට capacity එක තිබුණත් ක්‍රීඩා ස්ටේඩියම් ප්‍රමාණය අඩු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. හතරක්වත් නොතිබුණා නම් කොහොමවත් අපට co-host කෙනෙක්වත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ” ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21