ලංකාවට ගුවනින් විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ගෙන ආ තරුණිය ගුවන්තොටේදී අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ රිතාන්‍ය ජාතික තරුණියක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතික කාන්තාව ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටව යමින් සිටිය දී ඊයේ (12) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයේ මෙම කාන්තාව පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඇය විසින් රැගන ආ ගමන් මළු දෙකක මෙම කුෂ්” මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම වැටලීම කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ සිදුකළ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේ.

WhatsApp Image 2025 05 13 at 7.24.12 AM 1
WhatsApp Image 2025 05 13 at 7.24.12 AM
WhatsApp Image 2025 05 13 at 7.24.13 AM
IMG 20250512 WA0072


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25