ලංකාවට එමින් තිබූ ‘ඩාලි’ පාලමේ ගැටීමෙන් අතුරුදන් වූ පිරිස ගැන හෙළිදරව්වක්

ෆ්රැන්සිස් ස්කොට් යතුරු පාලමේ ‘ඩාලි’ නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පසු බැල්ටිමෝර් පොලිසිය බරපතළ ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර සහන කණ්ඩායම් අනතුර සිදු වූ ස්ථානය වෙත පිටත් කර ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් පසු නැව අවට ගංගා ජලයට විශාල වශයෙන් ඩීසල් මිශ්‍ර වී තිබෙන ඇති බවට ද වාර්තා වෙයි.

නාවික ලුහු බැඳීමේ දත්තවලට අනුව ෆ්රැන්සිස් ස්කොට් යතුරු පාලමේ ගැටුණු ‘ඩාලි’ නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකි.

දිගින් මීටර 300ක් වන අනතුරට පත් නෞකාව අද (26) අලුයම එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරායෙන් පිටත් වී තිබූ අතර එහි ගමනාන්තය වී තිබුණේ කොළඹ වරායයි.

ඒ අනුව, අදාළ නෞකාව එළඹෙන අප්‍රෙල් 22 වැනි දා පස්වරුවේ කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබුණා.

එම ගංගාව හරහා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එම පාලමේ ගැටීමෙනුයි එම අනතුර සිදුව ඇත්තේ.

බීබීසී පුවත් සේවය බැල්ටිමෝර් නගරයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රධානී කෙවින් කාට් රයිට් (Kevin Cartwright) උපුටා දක්වමින් සඳහන් කරන්නේ, පාලම කඩා වැටීම හේතුවෙන් “පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක්” ගඟට වැටී ඇති බවයි.

මේ වන විට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ අනෙකුත් මේරිලන්ඩ් ඒජන්සි සමඟ සහයෝගයෙන් ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවත් එම පුවත් සේවය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08