spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවට එමින් තිබූ ‘ඩාලි’ පාලමේ ගැටීමෙන් අතුරුදන් වූ පිරිස ගැන හෙළිදරව්වක්

ෆ්රැන්සිස් ස්කොට් යතුරු පාලමේ ‘ඩාලි’ නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පසු බැල්ටිමෝර් පොලිසිය බරපතළ ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර සහන කණ්ඩායම් අනතුර සිදු වූ ස්ථානය වෙත පිටත් කර ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් පසු නැව අවට ගංගා ජලයට විශාල වශයෙන් ඩීසල් මිශ්‍ර වී තිබෙන ඇති බවට ද වාර්තා වෙයි.

නාවික ලුහු බැඳීමේ දත්තවලට අනුව ෆ්රැන්සිස් ස්කොට් යතුරු පාලමේ ගැටුණු ‘ඩාලි’ නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකි.

දිගින් මීටර 300ක් වන අනතුරට පත් නෞකාව අද (26) අලුයම එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරායෙන් පිටත් වී තිබූ අතර එහි ගමනාන්තය වී තිබුණේ කොළඹ වරායයි.

ඒ අනුව, අදාළ නෞකාව එළඹෙන අප්‍රෙල් 22 වැනි දා පස්වරුවේ කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබුණා.

එම ගංගාව හරහා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එම පාලමේ ගැටීමෙනුයි එම අනතුර සිදුව ඇත්තේ.

බීබීසී පුවත් සේවය බැල්ටිමෝර් නගරයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රධානී කෙවින් කාට් රයිට් (Kevin Cartwright) උපුටා දක්වමින් සඳහන් කරන්නේ, පාලම කඩා වැටීම හේතුවෙන් “පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක්” ගඟට වැටී ඇති බවයි.

මේ වන විට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ අනෙකුත් මේරිලන්ඩ් ඒජන්සි සමඟ සහයෝගයෙන් ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවත් එම පුවත් සේවය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
13
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?