රෝහිත අබේගුණවර්ධනට එරෙහි රාජිතගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ග්‍රෙෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රිති පත්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (30) කැඳවනු ලැබීය.

හිටපු අමාත්‍ය දොස්තර රාජ්‍ය සේනාරත්න මහතා විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් නම් තිබුණි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අන්දමේ අක්‍රමිතා සිදුවී ඇති බවත් ඒ අනුව රෝහිත අබේගුණවර්ධන මහතා පත්වීම නීතියට පටහැනි බවත් සඳහන් කරමින්ම පත්විය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34