රෝහිත් සිටිය දී ගිල් එක්දින නායකත්වයට පත් කළේ ඇයි ?

ඔක්තෝබර් 19 වනදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ශුබ්මන් ගිල් පත් කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (04) දැනුම් දුන්නා.

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා සහ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේ පැවැත්වෙන මීළඟ එක්දින ලෝක කුසලානයට නව නායකත්වයක් යටතේ ඉන්දීය කණ්ඩායම තරග වැදීමට ගෙන ඇති තීරණයත් සමඟ ශුබ්මන් ගිල් මෙලෙස නායකත්වයට පත්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික අජිත් අගාර්කර් සඳහන් කළේ ඉදිරි ලෝක කුසලානය සඳහා ඇති දිගුකාලීන සූදානමේ කොටසක් ලෙස මෙලෙස නායකත්වයේ වෙනසක් සිදුකළ බවයි.

මීට පෙර ඉන්දියාවට එක් එක් ආකෘතිය සඳහා විවිධ නායකයින් තිදෙනෙකු සිටි අතර, රෝහිත් එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, ගිල් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, සූර්යකුමාර් යාදව් විස්සයි විස්ස ආකෘතිය භාරව සිටියා.

මේ අතර ගිල්ට මේ වනවිට ආකෘති දෙකක වගකීම පැවරී ඇති අතර, විස්සයි විස්ස තරඟවලදී සූර්යකුමාර්ගේ උප නායකයා ලෙස සේවය කරනවා.

කෙසේ වෙතත් 25 හැවිරිදි ඔහු ඉදිරියේ දී ආකෘති තුනෙන්ම නායකත්වයේ වගකීම භාරගැනීමට වැඩි ඉඩක් පවතින බවයි බොහෝ දෙනෙක් මත පළකර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06