රෝහිත් ශර්මාට නායකත්වය අහිමි වෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙසට තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්යා පත් කරන බවට නිවේදනය කර තිබෙනවා.

කණ්ඩායමේ නායකයා ලෙසට දීර්ඝ කාලයක් කටයුතු කළ වත්මන් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මායි මෙතෙක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙසට කටයුතු කළේ.

මුම්බායි ඉන්දියන්ස් හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානී මහේල ජයවර්ධන පැවසුවේ අනාගතය සඳහා කණ්ඩායම ශක්තිමත් කිරීම කෙරෙහි සැමවිටම අවධානය යොමු කර ඇති බවයි.

IPL 2024 වාරයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්යා භාර ගනු ලබන්නේ සැලසුම් කර ඇති පිළිවෙලකට අනුව බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

රෝහිත් ෂර්මා 2013 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කාලය තුළ කණ්ඩායමට අසමසම සාර්ථකත්වයක් ගෙන දුන්නා පමණක් නොව IPL ඉතිහාසයේ විශිෂ්ටතම නායකයෙකු ලෙස ඔහුගේ ස්ථානය තහවුරු කර ඇති බව මහේල ප්‍රකාශ කර තිබෙනවා. රෝහිත්ගේ මගපෙන්වීම යටතේ, කණ්ඩායම මෙතෙක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පැවති වඩාත්ම සාර්ථක සහ ආදරය කරන කණ්ඩායමක් බවට පත් වූ බව ද මහේල සඳහන් කරනවා.

කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පිටියේ සහ ඉන් පිටත ඔහුගේ මගපෙන්වීම සහ අත්දැකීම් බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14