spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහිත් ශර්මාට කොවිඩ් – ටෙස්ට් තරගය අහිමිවන ලකුණු

මේ වනවිට එංගලන්තයට ගොස් සිටින ඉන්දීය ටෙස්ට් නායක රෝහිත් ශර්මාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ලබන පළමු වනදා එජ්බැස්ටන් හිදී එංගලන්තය සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහු නිරෝධායනයට යොමුකර ඇති අතර ඊයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණයක දී රෝහිත්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර තරගාවලියට එංගලන්තය බලා පැමිණීමට පෙර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිදුකළ කොවිඩ් පරීක්ෂණවල දී, දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගවලියේ තරග 04ක් පසුගිය වසරේ අග භාගයේ පැවැත්වුණු අතර ඉන්දීය කණ්ඩායමේ ජෛයිව ආරක්‍ෂිත බුබුළ තුළට කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමත් සමඟ තරගාවලියේ අනෙකුත් තරග මෙම වසරට කල් දැමීමටයි තීරය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?