රෝහලේ සිට සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රැල්ලට එරෙහිව ජාතියක් ලෙස එක් වනැයි ජනතාවට ඇරියුමක්

කෝවිඩ් 19 රෝගයට ගොදුරු ව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය මූනුපොතේ තැබූ සටහනකින් ජනතාව ආමන්ත්‍රනය කර ඇත.

ඉංග්‍රීසි භාෂාවෙන් තබා ඇති එම සටහනේ තමන්ට හා තම බිරියට වෛරසය ආසාදනය වූ ආකාරය දක්වා ඇත. එම සටහනේ සිංහල පරිවර්තනය පහත වේ.

ඊයේ දිනයේ මගේ බිරිය කෝවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා රෝහල්ගත වුණා. ඉන්පසු ඇයට කළ පී සී ආර් පරක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මම ද ඉන්පසු පී සී ආර් පරීක්ෂණයක් කරගත් අතර මීට සුළු මොහොතකට කලින් එකී පරික්ෂණ වාර්තාවට අනුව මට ද වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබුණා.

මගේ බිරියට රෝග ලක්ෂණ පහළ වී පරීක්ෂණයට ලක්කරන විටත් මා කෙරෙන් රෝග ලක්ෂණ පහළ වුණේ නෑ.

කෙසේ වෙතත් අපි දෙදෙනාම මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම අතිශයින්ම අසීරු අවස්ථාවේදි ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සාමුහිකව කරන කටයුත්ත සාර්ථක කරගැනීම උදෙසා විපක්ෂයේ කාර්යය භාරය ඉදිරියට කරගෙන යාම මගේ ප්‍රමුඛ කටයුත්ත ලෙස සලකා ක්‍රියා කරන බවට සහතික වෙමි.

සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙම රැල්ලට එරෙහිව ජතියක් ලෙස අපි සියලුදෙනා එකට එකතු වී සටන් කරමු.

අපට මෙය පරාජය කළ හැක.‘‘

උපුටා ගැනීම අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
142
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04