රෝහල් ගතවෙන්නට ස්ථිර පදිංචියක් නොමැති නිසා මහ මඟ මිය යන ඉන්දියානුවෝ

ඉන්දියාවේ කොරෝනා ප්‍රතිකාර සඳහා වාහම ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රජයට නියෝග කර තිබේ.

ඉන්දියාව තුළ දැනට පවතින ස්ථිර පදිංචි ස්ථානයක් නොමැතිව රෝහල් ගත නොකර ගැනීමේ ප්‍රතිපත්තිය එතෙක් අත්හිටුවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කර තිබුණි.

මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි සිටින ඉන්දියානු දුගී නිවාස අහිමි ජනතාව අන්ත අසරණතාවයට පත්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.‍

ඉන්දියානු තුළ දැනට කොරෝනා වසංගතයේ දෙවන රැල්ල නිසා එරට රෝහල් තුළ පවතින තදබදය හේතුවෙන් මෙම ස්ථීර පදිංචියක් ඇති බවට සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැකි නම් ප්‍රතිකාර ලබාදීමේ හෝ රෝහල් ගත වීමේ අවස්ථාව අහිමි වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම තුළ තවත් අර්බුදයන් ඉහළ ගොස් තිබේ.

මෙම ජනතාව බොහෝ විට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මහ මඟම මිය යන අවස්ථාවන් ඇති බවද සඳහන් වෙයි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබුණේ ප්‍රතිකාර කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන තෙක් කිසිදු රෝගියෙකුට රෝහල් ගත වීමේ ඇති අයිතිය, හදිසි ඖෂධ ලබා ගැනීම සඳහා ඇති අයිතිය පංදි ස්ථානයක් නොමැති නිසා හෝ අන්‍යතාවය පෙන්වීමට නොහැකි අවස්ථාවකදී පවා ඔවුනට ප්‍රතිකාර ගැනීමට ඇති අයිතිය අහිමි නොකරන ලෙසයි.

එමෙන්ම මෙම තීන්දුව එරට සියලු මහේස්ත්‍රාත් අධිකරණයන්, පොලිස් ස්ථානයන් රජයේ රෝහල්, ප්‍රාන්ත රජයන්වල කාර්යාලය හරහා රටේ සියලුම ස්ථානයන්වල ප්‍රසිද්ධ කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම දැනට එරට ඔක්සිජන් බෙදාහැරීම සහ එහි ගබඩා පහසුකම්, ඔක්සිජන් ඇති ප්‍රමාණය පිළිබඳවද වාහම වාර්තාවක් අද (03) දින මධ්‍යම රාත්‍රීයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉන්දීය රජයට දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09