රෝහල් උපස්ථායක, සාත්තු සේවක වෙයි

‘රෝහල් උපස්ථායක’ සේවක නිල නාමය සාත්තු සේවක (කෙයාර්ගිවර්) ලෙස ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබා දී තිබෙනවා.

ඒ, අනුව මෙරට රෝහල්වල සාත්තු සේවකයින්ගේ නිල ඇඳුමට කෙයාර්ගිවර් යන ලොව පිළිගන්නා නිල ලාංඡනය ද ඉදිරියේදී එක්වන බවයි වාර්තා වන්නේ.

මෙම නිල නාමය සහ නිල ලාංඡනය හඳුන්වාදීමෙන් පසු මෙරට සාත්තු සේවක සේවිකාවන් ජාත්‍යන්තරව පිළිගන්නා සේවක කණ්ඩායමක් බවට පත්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්