රෝහලකින් ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කළ පිරිසක් අත්අඩංගුවට

පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් සොරකම් කර පිට පළාත්වලට විකුණු එම රෝහලේ, ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්යය සහායකයා ඇතුළු 6දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු පොලොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සෙසු සැකකරුවන් හෙයියන්තුඩුව සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි අය බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකම් කරන ලද මෙම ඔක්සිජන් සිලින්ඩර රුපියල් 30,000ත් 40,000 ත් වැනි මුදලකට කොළඹ ප්‍රදේශයට අලෙවි කර ඇති බව හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම සිලින්ඩර් මිලදී ගන්නා අය රෝහල් සේවකයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 14ක් බැර කර ඇති බව ද මූලික විමර්ශන වලින් හෙලි වී තිබෙනවා.

පොළොන්නරුව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී යි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලට අනුව රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් 208ක් අතුරුදන්ව ඇති අතර පසුගිය 2022 වසරේ සිට මෙම සොරකම සිදු වී ඇති බව ද සඳහන්.

සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම සැකකරුවන් ඔක්සිජන් සිලින්ඩර ප්‍රවාහනය කර ඇති බවට සැකකරන ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55