spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහණ බැද්දගේගේ ගීතය විකෘති කළ පුද්ගලයා අල්ලයි

ජනප්‍රිය අවුරුදු ගීතයක් වන ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගයනා කරන “සූරියමංගල්ලේ” ගීතය විකෘති කළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු සුරාබදු නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ඊයේ (16) දින අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මෙම ජනප්‍රිය අවුරුදු ගීතය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය සිදුකර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගිය දා නියෝගකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
19
+1
6
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?