රෝග නිවාරණය හා ප්‍රතිකාර කිරීමේ දී ඖෂධවලින් එහා ගිය ලෝකයක් තිබෙනවා – ඇමති නලින්ද

රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ; ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පසුගිය වසරේ රජයේ රෝහල්වලට වෛද්‍ය සැපයීම් ඒ්කකය හරහා ඉන්සියුලින් ඇතුළු දියවැඩියාව සම්බන්ධ ඖෂධ සැපයීම සදහා රුපියල් මිලියන 7,300ක පමණ මුදලක් වියදම් කර ඇති බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය දෛනිකව ඉහළ යන බව ද පැවසුවා.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා එලෙස භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් ප්‍රතිකාර සේවා සඳහා ඖෂධ මිල දී ගැනීමට වැඩිවැඩියෙන් යෙදවීම සඳහා කටයුතු සැලසුම් කරනවා වෙනුවට හැකි සෑම අවස්ථාවකම රෝග නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සඳහන් කළේ.

එමෙන් ම නිරෝගී ජාතියක් උදෙසා රෝග නිවාරණය හා ප්‍රතිකාර කිරිමේ දී ඖෂධවලින් එහා ගිය ලෝකයක් තිබෙන බව අවබෝධ කර ගත යුතු බවත්, ප්‍රතිකාර හා රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් ලෙසම උපයෝගී කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද පැවසුවා.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සමස්ත ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ සෞඛ්‍ය සඳහා මැදිහත්වීම සිදුකළ යුතු ආකාරය පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බව ද මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටි‌යේ ක්‍රීඩා සහ ව්‍යායාම සම්බන්ධයෙන් වූ සංකල්පය සෞඛ්‍ය සේවාව හා බද්ධ වූ සංකල්පයක් ලෙස ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය ලක්විය යුතු හා මැදිහත්වීම ද වැඩි කළ යුතු අංශයක් බවයි.

2015 වසරේ සිට ක්‍රීඩා යෝග්‍යතා සහතික නිකුත් කිරීම සිදුකරන බවත්, ක්‍රීඩා පිටියටම ගොස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධව සොයා බැලීමට තිබෙන අවස්ථාව තවමත් අඩු තත්ත්වයක පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මුළුමහත් සමාජයම නිරෝගී කිරීමට ක්‍රීඩාව සහ ව්‍යායාම උපයෝගී කර ගැනීමට කටයුතු කරනවා මෙන් ම විශේෂ ක්‍රීඩක ක්‍රඩිකාවන්ට අවශ්‍ය කරන ශාරීරික යෝග්‍යතාවය ලබාදීමේ දී ලබාදිය යුතු මැදිහත්වීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද පැවසුවා.

ලංකාවේ දැනට ක්‍රීඩා වෛද්‍ය ඒ්කක 16ක් ඇති බවත් ඇතැම් පළාත්වල එකදු ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් හෝ නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58