රෝගී ආරක්ෂාව සහ යහපැවැත්ම ගැන ප්‍රඥප්තිය සකස් කරන්න මහජන අදහස් ලබා ගැනීමට තීරණයක්

රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා ප්‍රඥප්තියක් සැකසීම වෙනුවෙන් මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

ඒ එම අනුකාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්තිගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රඥප්තියේ කෙටුම්පත සකස් කර ඇති බව නිලධාරීන් කාරක සභාවට පෙන්වා දී තිබෙනවා. මෙම කෙටුම්පත මේ සඳහා වූ සාකච්ඡාවට මූලික ලේඛනය ලෙස යොදා ගැනීමට මෙන්ම රෝගීන් වෙනුවෙන් කටයුතු කරන සියලූ පාර්ශ්වවල අදහස් ලබා ගැනීමට භාවිතා කිරීමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට පියවර ගත යුතු බවද කමිටු සභාපතිවරයා අවධාරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පළ කිරීමට පියවර ගත යුතු බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ. මහජන අදහස් ලබාගැනීමට සති හයක පමණ කාලයක් ලබාදීම පිළිබඳව ද කාරක සභාව තුළ සාකච්ඡා වුණා. මහජන අදහස් ලබා ගනිමින් ඊට අදාළ වෘත්තීය සමිති, සංවිධාන සහ ආයතන සමඟ සාකච්ඡා කර අවසන් කෙටුම්පත සකස් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කාරක සභාවෙන් ඉල්ලා සිටියේ ජාතික මැතිවරණයකට පෙර රෝගීන්ගේ ආරක්‍ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම පිළිබඳ පනත් කෙටුම්පතක්‌ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන අතර එබැවින් මෙම ක්‍රියාවලිය කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා ලෙසටයි.

මෙම අවස්ථාව සඳහා රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා ප්‍රඥප්තියක් සකස් කිරීම සඳහා පත් කරන ලද විද්වත් මණ්ඩලයේ නියෝජිතයින් සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18