spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රොනාල්ඩෝට සහ පෙම්වතියට ක්‍රියාත්මක නොවන සෞදියේ නීතිය

පාපන්දු ලෝක කුසලාන උණුසුමෙන් පසු ලොව පුරා කතා බහට ලක්වූ පාපන්දු ක්‍රීඩකයා බවට පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පත් වුණා.

ඒ, රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතවීමත් සමඟයි.

ඒ අනුව 2025 වසර දක්වා රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එම ගිවිසුම් ගතවීමෙන් පසු රොනාල්ඩෝ පසුගිය සතියේ සිය පෙම්වතිය වන ජෝර්ජිනා රොඩ්රිගස් සහ ඔවුන්ගේ දරුවන් සමඟ සෞදි අරාබිය වෙත පැමිණියා.

එහිදී ඔවුන්ට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

කෙසේ වෙතත් සෞදි අරාබියේ නීතිය අනුව අවිවාහක යුවළකට එකට ජීවත් වීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

එවැනි තත්ත්වයක මෙම නීතිය රොනාල්ඩෝ විසින් කඩ කළ ද ඔහුට සෞදි රජය විසින් දඬුවම් නොකරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?