spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රොනාල්ඩෝගේ ගෝල ද්විත්වය අරාබි ශූරතාව අල්-නසර් කණ්ඩායමට ගෙන එයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සුපිරි දක්ෂතා සමඟ අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලානය පළමුවරට ජයග්‍රහණය කිරීමට අල්-නසර් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, අවසන් තරගයේ දී අල්-හිලාල් කණ්ඩායම ගෝල දෙකට එකක් ලෙස පරාජය කරමින්.

අල්-නසර් කණ්ඩායම වාර්තා කළ ගෝල දෙකේම හිමිකරුවා බවට පත්වුණේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වීම විශේෂත්වයක්.

ඒ, අනුව පාපන්දු උන්මාදයෙන් පෙළෙන යුරෝපාකරය අතහැර පළමුවරට අරාබි ක්‍රීඩා සමාජයක් සමඟ ගිවිසුම් ගත වූ රොනාල්ඩෝ සිය කණ්ඩායම වෙනුවෙන් රැගෙන ආ පළමු ජයග්‍රහණය ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

මෙවර අරාබි ක්ලබ් චැම්පියන්ස් ශුරතාව ජයගත් අල්-නසර් කණ්ඩායමට කුසලානය සමඟ ඩොලර් මිලියන 06ක ත්‍යාග මුදලක් ද හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?