රොනාල්ඩෝගෙන් පාපන්දු වාර්තාවක්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ජාත්‍යන්තර පාපන්දු දිවියේ 900 වැනි ගෝලය වාර්තා කරමින් ඊයේ (05) තම ක්‍රීඩා දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළා.

යුරෝපා නේෂන්ස් ලීග් තරගාවලියේ ක්‍රොඒෂියාව සහ පෘතුගාලය අතර තරගයේ දී ඔහු සිය 900 වැනි ගෝලය වාර්තා කිරීමට මෙලෙස සමත් වුණා.

දශක දෙකකට වැඩි කාලයක් ජගත් පාපන්දු පිටියේ රැඳී සිටින ඔහු, මෙම වාර්තාව පිහිට වූ මොහොතේ වඩාත් හැඟීම්බර වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔහු තම මව්බිම වෙනුවෙන් ලබාගත් 131 වැනි ගෝලය මෙය වූ අතර, ඔහු ක්‍රීඩා ලිස්බන්, මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ්, ජුවෙන්ටස් සහ වත්මන් අල්-නාසර් ක්‍රීඩා සමාජ සඳහා ගෝල රැස්කර තිබෙනවා.