රොකට් වගේ උඩ යන බෙල්පෙපර් මිල (වීඩියෝ)

එළවළු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක මේ දිනවල වෙළඳපොළේ බෙල්පෙපර් මිල ගණන් ද අසීමිත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දිනවල රුපියල් 500ත් 200ත් අතර මිලකට අලෙවි කෙරුණු බෙල්පෙපර්,මේ දිනවල රුපියල් 1500ත් 1700ත් අතර මිලකට අලෙවි වන බවයි වෙළෙදුන් පවසන්නේ.

ඔවුන් පවසන්නේ මේ දිනවල මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ බෙල්පෙපර්වලට ඇති ඉල්ලුම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.