spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රේගු වංචා ගැන ඔත්තු දුන්නොත් මුදල් තෑගි

ආනයනය සහ අපනයනය අවස්ථාවල දී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු ලබාදෙන ඕනෑම පුද්ගලයෙකුට ත්‍යාග මුදල් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

තහනම් හා සීමා කරන ලද භාණ්ඩ, නියමිත රේගු බදු නොගෙවන ලද භාණ්ඩ, නීති විරෝධී මත්ද්‍රව්‍ය, දුර්ලභ ශාඛ සහ සත්ව කොටස් ආනයන සහ අපනයනය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අයිතමයන් අපනයනය වැනි රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු ලබාදෙන්නන්ය මෙලෙස ත්‍යාග මුදල් පිරිනැමෙනවා.

එවැනි වංචා පිළිබදව තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 011-2471471 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙලෙස තොරතුරු ලබා දෙන අයවලුන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?