රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බාහාලුම් 323 ඇතුළේ තිබුණේ මොනවා ද ? රේගුව හෙළිකරයි (වීඩියෝ)

බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ එලෙස නිදහස් කළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැකකටයුතු කිසිවක් නොතිබූ බවයි.

“අපි ස්ක්‍රිනිං යුනිට් කියලා කමිටුවක් පිහිටුවලා ඒ කමිටුවට නිර්ණායක ලබාදීලා ඒ කමිටුවට අපි බලය ලබා දුන්නා නීත්‍යානුකුලව මේ බහලුම්වලින් පරීක්ෂා නොකර නිදහස්කර ගත හැකි බහාලුම්, ඔවුන්ගේ පරිචයට දැනෙන, මේ කමිටුවේ ඉන්නේ අවුරුදු 25-30 පමණ රේගුවේ සේවය කරන නිලධාරීන් ඔවුන්ට විශාල දැනීමක් තියනවා මේ සම්බන්ධයෙන්, ඒ දැනීම පාවිච්චිකරලා සහ අපි ලබාදුන්නු නිර්ණායක පාවිච්චිකරලා එහි නිර්නායකයන්ය අනුකූලවන බහාලුම් නිදහස් කරන්නට, මේ ක්‍රමය අපි ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ 2024 ජුලි මාසයේ ඉඳලා. 2025 ජනවාරි මාසයේ තමයි ඔය ප්‍රශ්නගත බහලුම් නිදහස් කළේ ඒ දක්වා අවස්ථා කිහිපයක දී බහලුම් සෑහෙන ප්‍රමාණයක් මේ ආකාරයෙන් නිදහස් කරලා තියනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙලෙස නිදහස් කළ බහාලුම් තුළ ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සූරිය පැනල්, සත්ව ආහාර, මැෂින් වර්ග, පළිබෝධනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, දැව වැනි ද්‍රව්‍ය තිබූ බවයි.

මේ අතර අදාළ බහලුම් ඉන්දියාව, චීනය, ඉන්දුනිසියාව, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් ගෙන්වා ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

  1. A yako thopi containers 323 pannuwe kawadada? Thopi danda kiyanne containers wala auda thibune naha kiyala.Thopi hora pahara sakkili adamayo
    kawada thopi me andawanne. Madyawal kandawala mic ado mukaye gahagena thamath thopi
    janathawa rawatana thrasthawadi
    balu anduwa thopi makabawilama
    pala.Thope anduwa fail,Koti Lapa
    kota tho thamath kanne kotinge asuchi. Tho rata pawadena napunsakayek.

  2. Wadagath mahaththayo ! Kaawada andanne ? Oya kiyanne athule thibunu deval ? Pareekshana yen theravada pita kalaa nam kohomada ochchara details kiyanne. Thava ekak, mechchara viroda thaa avata passe da kata arune. Ane huke ? Mamath dunne NPP balamu thava issarahata kawada pannanna venne kiyala ?