රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජනපති හමුවෙයි (ඡායාරූප)

ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය යොමු කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; ජනාධිපතිවරයා; ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අවස්ථාවේ දී මේ බව සාකච්ඡා කෙරුණු බවයි.

රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේ දී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කළා.

එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම් වැළැක්විමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිද වැඩිදුරටත් අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එච්.ඩබ්ලිව්.එස්.පී.කරුණාරත්න, සී.එස්.ඒ චන්ද්‍රසේකර, ඩබ්ලිව්.එස්.අයි සිල්වා, එස්. පී. අරුක්ගොඩ, ජේ. එම්. එම්. ජී. විජේරත්න බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. එල්.සී. වීරකෝන්, ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. ආර්.ජී.ඒ.බී. මුතුකුඩ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එස්. චන්ද්‍රසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් වන බී.කේ.එස්. ශාන්ත, ජේ.ඒ.ඩී.ඩී.බී.කේ සිරිවර්ධන, ජේ.ඩී. රණසිංහ, ඩී.එම්.එන්.එස්.බී. දිසානායක, එච්.එච්.එස් සමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ටී.එම්.එස් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ද මීට එක් ව සිටියා.

WhatsApp Image 2024 10 09 at 20.08.14
WhatsApp Image 2024 10 09 at 20.08.13
WhatsApp Image 2024 10 09 at 20.08.12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25