රේගුව අද වර්ජනයේ – අත යට කෙරෙන ගසා කෑම් ගැනත් අනාවරණයක්

ශ්‍රී ලංකා රේගු අධිකාරිය අද (03) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

එම අධිකාරියේ සේවකයින්ගේ උසස් වීම් සහ වැටුප් විෂමතා හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර රේගුවේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලුම් නිදහස් කර ගැනීම සඳහා කර්මාන්තකරුවන්ගෙන් අනීතික ව අය කරගන්නා ප්‍රමාද ගාස්තු අය නොකරගන්නා ලෙසට ද එම සංගමය ඉල්ලා සිටිනවා.

සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් කියා සිටියේ මෙම ගාස්තුව තමන්ට ගෙවීමට නොහැකි බවත්; මෙම අර්බුදය කර්මාන්තකරුවන් හෝ ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නයක් නොවන බවයි.

අනුන්ගේ පරිප්පුවලට කර්මාන්තකරුවන්ට ද බැටකන්න සිදු වී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මේ වනවිට කර්මාන්තකරුවන්ගේ බහාලුම් 1700-1800ක ප්‍රමාණයක් රේගුවේ සිර ව ඇති බවත්; ඉන් මුදා හැරෙන්නේ 700-800ක් අතර ප්‍රමාණයක් බව ද ඔවුන් පෙන්වාදෙනවා.

මේ හේතුවෙන් විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට තමන්ට සිදුවන බවයි කර්මාන්තකරුවන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ඇතැම් අවස්ථාවල රුපියල් 35000 – 40000 අත යට ගනුදෙනු සිදු කරමින් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බහාලුම් රේගුව තුළ සිදු කෙරෙන බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර හෙළිදරව් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06