spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති සමඟ සාකච්ඡා සාර්ථකයි – රේගුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් රේගු ත්‍යාග අරමුදලට අදාලව මුදල් අමාත්‍යාංශය විසින් ගෙන තිබූ යම් තීරණවලට විරුද්ධව පසුගිය සිකුරාදා දින සවස සිට පවත්වාගෙන යනු ලැබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට එම සන්ධානය තීරණය කර තිබෙනවා.

ඊයේ (19) දින සවස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවැත්වූ සාකච්චාවලදී ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර ලැබීමේ ප්‍රථිපලයක් ලෙස එම තීරණය ගෙන ඇති බව සඳහන්.

තවදුරටත් නිරාකරනය කරගත යුතු කරුණු මේ මස (31) වනදා විට සාකච්චා කර අවසන් තීරණයකට එලඹීමට නියමිතයි.

ඒ අනුව අද (20) උදෑසන සිට සාමාන්‍ය පරිදි රේගුවේ වැඩකටයුතු සිදුවෙයි.

තවද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රමාද වූ භාන්ඩ නිශ්කාශන කටයුතු ඉක්මනින්ම අවසන් කිරීමටද කටයුතු සිදු කෙරෙනු ලබන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?