ඇමති සමඟ සාකච්ඡා සාර්ථකයි – රේගුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් රේගු ත්‍යාග අරමුදලට අදාලව මුදල් අමාත්‍යාංශය විසින් ගෙන තිබූ යම් තීරණවලට විරුද්ධව පසුගිය සිකුරාදා දින සවස සිට පවත්වාගෙන යනු ලැබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට එම සන්ධානය තීරණය කර තිබෙනවා.

ඊයේ (19) දින සවස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවැත්වූ සාකච්චාවලදී ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර ලැබීමේ ප්‍රථිපලයක් ලෙස එම තීරණය ගෙන ඇති බව සඳහන්.

තවදුරටත් නිරාකරනය කරගත යුතු කරුණු මේ මස (31) වනදා විට සාකච්චා කර අවසන් තීරණයකට එලඹීමට නියමිතයි.

ඒ අනුව අද (20) උදෑසන සිට සාමාන්‍ය පරිදි රේගුවේ වැඩකටයුතු සිදුවෙයි.

තවද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රමාද වූ භාන්ඩ නිශ්කාශන කටයුතු ඉක්මනින්ම අවසන් කිරීමටද කටයුතු සිදු කෙරෙනු ලබන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44