රේගුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

නව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පත්කර තිබෙනවා.

ලබන සඳුදා (28) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

1989 වසරේ අගෝස්තු මස පළමුවනදා සහකාර රේගු අධිකාරීවරයෙකු වශයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ඇති සීවලී අරුක්ගොඩ මහතා මේ වනවිට අවුරුදු 34ක සේවා කාලයක් සපුරා තිබෙනවා.

රේගු නීතිය සහ ඒවායේ ක්‍රියාපටිපාටි පිළිබඳ හසල දැනුමක් ඇති ඔහු වර්තමානයේ සේවය කරනු ලබන්නේ රේගු මිල පිරික්සුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසටයි.

ගලගෙදර මිණිගමුව මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන සීවලී අරුක්ගොඩ මහතා එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයෙන් රේගු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ගෙන තිබෙනවා.

මේ වනවිට සීවලී අරුක්ගොඩ මහතා බෙල්ජියමේ ලෝක රේගු සංවිධානයේ වර ලත් විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37