spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෙදිපිළි අලෙවිසැලක ගින්නක්

වැලිමඩ නගරයේ රෙදි පිළි අලෙවි සැලක හටගත් ගින්නකින් එහි කොටසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

අද උදෑසන 7.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තෙමහල් ගොඩනැගිල්ලක් වන මෙම රෙදි පිළි අලෙවි සැල මෙලෙස ගින්නෙන් විනාශ වී ඇති අතර රෙදි පිළි ඇතුලු භාණ්ඩ රැසක් ගින්නට හසු වී තිබෙනවා.

විනාශ වූ දේපළවල වටිනාකම රුපියල් කෝටි ගණනක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ගින්න නිවා දැමීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැක කෙරෙන අතර නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?