රෙඩ් ලයිට් අනාවරණයෙන් පසු කප්පල්වට්ට පුරාවිද්‍යා ස්ථානයේ සෙල්ලිපි රැකෙයි (වීඩියෝ)

දසත රෙඩ් ලයිට් අනාවරණයෙන් පසු අම්පාර – පොතුවිල් තිබිරිගොල්ල රක්ෂිතයේ කප්පල්වට්ට පුරාවිද්‍යා ස්ථානයේ ඇති සෙල්ලිපි පිටපත් කිරීමට මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් ඊයේ (01) දින කටයුතු කළා.

නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව මෙම වටිනා පුරාවිද්‍යා ස්ථානය වැනසී යන බවට දසත රෙඩ් ලයිට් මුල්වරට හෙළි කළේ පසුගිය 24 වැනිදායි.

අම්පාර පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බක්මිටියාව තිබිරිගොල්ල රක්ෂිතය තුළ පිහිටි කප්පල්වට්ට නමින් ප්‍රසිද්ධ පුරාවිද්‍යා ස්ථානය කලක් පුරා නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණා.

මෙහි ඇති වටිනා පුරා වස්තු මෙලෙස කඩා බිඳ දමා ඇති බවත් වටිනා සෙල් ලිපි රැසක් මෙම පුරා විද්‍යා භූමිය පුරා විසිරී පවතින බවත් දසත රෙඩ් ලයිට් අනාවරණය කළා.

එම අනාවරණයෙන් පසුව, කප්පල්වට්ට පුරාවිද්‍යා ස්ථානයේ පිහිටි සෙල්ලිපි පිටපත් කිරීම සඳහා මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පාඨමාලා හදාරන සිසු සිසුවියන් පිරිසක් ඊයේ (01) එහි පැමිණියා.

මෙම සෙල්ලිපි මීට පෙර වාර්තා වී නොමැති අතර මෙම සෙල්ලිපි හතරෙන් තුනක් කාල තුනකට අයත් බව ඒහිදී හඳුනාගනු ගැණුනා.

මෙම සෙල්ලිපිවල කාලවකවානුව ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ සිට හයවෙනි සියවස දක්වා අඛණ්ඩව බෞද්ධ විහාරයක් ලෙස පැවැති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම ස්ථානයට ගම්මුන් කප්පල් වට්ට නමින් හැඳින්වූවත් සෙල්ලිපිවල සඳහන් වන ආකාරයට සිපවත විහාරය නැතහොත් ( සිංහ පර්වත විහාරය ) යන නමින් හදුන්වා ඇති බව සෙල්ලිපිවල සටහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51