රූ රැජිනක් සමග වැලිකඩට පැන්න ඇමති මාට්ටු, ඉල්ලා අස්වන්නැයි කියයි

පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුලූ පිරිසක් බව අද ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.

ඒ ආකාරයෙන්ම ඔහු පසුගිය ඉරිදා සවස අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටින කොටි සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වා ඔහු ඉදිරියේ දණ ගස්වා ඇතැයිද වාර්තා කරයි.

මෙම තොරතුරු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා ද තහවුරු කර ඇත. ඔහු ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ ලොහාන් රත්වත්තේ මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බවයි. එසේ නොවේ නම් රජය විසින් ඔහුගේ සියලුම ධුරයන් අහෝසි කළ යුතු බවත් ඔහු කියා ඇත.

රජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුට එරෙහිව නඩු පවරන ලෙසත් දෙමළ ජාතික සන්ධානය ද රජයෙන් ඉල්ලා සිටී.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ ඇති රථය පදවා ගෙන පැමිණ ඇත්තේ මෑතකදී පැවති ආන්දෝලනාත්මක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවක බව ද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

කෙසේවෙතත් බන්ධනාගාර ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති සිදුවීම් කිසිවක් සිදුවී නැති නිසා ඒ පිළිබදව අදහස් දැක්වීමේ අවශ්‍යතාවයක්ද නැති බවයි.

  1. රූ රැජිනක් කිව්වට ඒකි රූ රැජිනක් නෙමෙ . අර සමනලයා තෝරපු විවාහක ගනිකා රූ රැජින පුෂ්පිකා එක්ක අර තක්කඩි මැරයා අවජාතකයා ලෝහාන් ඇමතියා තමා ඔවා කරෙ/ මූගෙ තාත්තා ගෙදර හිටපු මුර කාරයලු . මේජර් රත්වත්තෙ ගෙදර නැති වෙලාවක මුර කාරය තමා මූව ජාතක කරලා තියෙන්නෙ . එකයි මූ ඔය පාහර මෑරකම් කරන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46