spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රූපවාහිනී සංස්ථාවට කඩා වැදුණු සිද්ධියට මර්වින් සිල්වාට ඇප

2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස කඩා වැදී කලාකාරී ලෙස හැසිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සිද්ධිය අදාළ පැමිණිල්ල අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී අධිකරණයේ පෙනී සිටි සැකකාර මර්වින් සිල්වා ඇප මත මුදාහැරීමට නියෝග කළා.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර මේ වන විට අධිකරණය මගහැර සිටින ලාල් පීරිස් නැමැති සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය කරනු ලැබුවා.

මෙම නඩුව අද (070 කැඳවූ අවස්ථාවේ දී එහි සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන ටී.එම්.ජී.චන්ද්‍රසේකර සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂිකරු අධිකරණය හමුව සඳහන් කළේ සිද්ධිය වූ දා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට කඩා වැදුණු සැකකාර මර්වින් සිල්වා තමාට පහරදීමක් සිදුකළ බවයි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 15 දක්වා කල්තැබීමට ද අධිකරණය නියම කළා.

2007 වසරේ දෙසැම්බර් මස 27 වනදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලාකාරී ලෙස කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?