රූපවාහිනී සංස්ථාවට කඩා වැදුණු සිද්ධියට මර්වින් සිල්වාට ඇප

2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස කඩා වැදී කලාකාරී ලෙස හැසිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සිද්ධිය අදාළ පැමිණිල්ල අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී අධිකරණයේ පෙනී සිටි සැකකාර මර්වින් සිල්වා ඇප මත මුදාහැරීමට නියෝග කළා.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර මේ වන විට අධිකරණය මගහැර සිටින ලාල් පීරිස් නැමැති සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය කරනු ලැබුවා.

මෙම නඩුව අද (070 කැඳවූ අවස්ථාවේ දී එහි සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන ටී.එම්.ජී.චන්ද්‍රසේකර සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂිකරු අධිකරණය හමුව සඳහන් කළේ සිද්ධිය වූ දා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට කඩා වැදුණු සැකකාර මර්වින් සිල්වා තමාට පහරදීමක් සිදුකළ බවයි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 15 දක්වා කල්තැබීමට ද අධිකරණය නියම කළා.

2007 වසරේ දෙසැම්බර් මස 27 වනදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලාකාරී ලෙස කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53