රූගතකිරීම් කරලා එළියට එද්දී කසාදෙකුත් හරි ගියා

හර්ෂි අංජුමාලා… ඇය මේ වෙද්දී රංගන ශිල්පිනියක් මෙන්ම ජාතික රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය වන සංගීත වැඩසටහනකින් නිවේදිකාවක් ලෙසින්ද කටයුතු කරනවා. ”සිඳූ” ටෙලිනාට්‍ය ඔස්සේ බොහෝ දෙනකු රංගන ශිල්පිණියක් ලෙසින් හඳුනාගත් හර්ෂි නොබෝ දිනකින් තිරගත වීමට නියමිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා අධ්‍යක්ෂණය කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ ”සහෝ” සිනමාපටය ඔස්සේද බවට වෙනස් වූ චරිතයකින් දැක බලාගන්නට පුළුවන් වේවි.

ගෙවුණ 2021 අවුරුද්දත් එක්ක ජීවිතේ කොහොමද?

අලුත් අවුරුද්දක් පටන් ගත්තා. මුලින්ම මේ ලැබුවා වූ 2022 අවුරුද්ද නිරෝගිමත්, සුබම සුබ වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ අලුත් නිර්මාණ කිහිපයකටම දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ගෙවුණ 2021 අවුරුද්ද අපි ගොඩක් පරිස්සමින්, වැඩිපුරම ගෙදර අයත් එක්ක ගෙදරට වෙලා ගත කරන්න සිද්ධ වුණා… ඒ නිසා ගෙදර අයත් එක්ක වැඩි කාලයක් ගතකරපු අවුරුද්දත් විදිහට මම සලකනවා. ඉතින් අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු කිහිපයක් එක්කම තමයි අලුත් අවුරුද්ද මම පිළිගන්නේ.

ඔය තියෙන නැවුම් බලාපොරොත්තු අතරේ අලුත් ජීවිතයකට සැරසෙනව කියලත් ආරංචියි?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ගිය අවුරුද්දේ තිබුණ ලොකු බලාපොරොත්තුවක්. මම විවාහවෙලා ඕස්ට්‍රේලියාවට යන්නයි හිටියේ. නමුත් කොවිඩ් නිසා විවාහවෙන්න අපිට බැරිවුණා. ඒ නිසා මේ අවුරුද්දෙත් ඒ බලාපොරොත්තුව තියෙනවා. බලමු නේද?

අපි ඔහු ගැනත් කියමු?

එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා ගිය අවුරුද්දේ එයාට ලංකාවට එන්න ලැබුණේ නැහැ. එයාව මට විවාහ යෝජනාවක් මාර්ගයෙන් තමයි මුණගැහුණේ. මම රඟපෑ ”නොමැකෙන මතක” කියන නාට්‍යයේදී රූගත කිරීම් කරපු ගෙදර අයිති මෙයාගේ ආච්චිටයි. රූගත කිරීම් කරන අතරතුරේ ඒ ආන්ටි අපේ අම්මා එක්ක කතා කරමින් ඉඳිද්දී තමයි මේ විවාහ යෝජනාව කරලා තිබුණේ. මම රෑගත කිරීම්කරලා එළියට එද්දී මට විවාහ යෝජනාවකුත් ඇවිත් තිබුණා… ඒ වෙද්දිත් එයා හිටියේ ඕස්ට්‍රේලියාවේ. එයා මාව බලන්න ලංකාවට ආවා. දැන් අපි මුණගැහිලා අවුරුදු දෙකකටත් වැඩියි. නොමැකෙන මතක මට අපූරු මතකයක් ලබලා දුන්නා.

මේ වසරේදී හර්ෂි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාවිද?

ඒක තාම හරියටම කියන්න බැහැ. මේ වෙද්දී ලබන මාසයේදී මම අලුතින් ආරම්භ කරන ටෙලි නිර්මාණ දෙකකටම දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ගිය පාර අපි අපේ විවාහ උත්සවය මේ කාලේ, මේ මාසේ කරන්න සූදානම් වුණා. හැබැයි කොවිඩ් ඒ හැමදෙයක්ම වෙනස් කළා. ඒ නිසා දැන් එහෙම දින වකවානු සම්බන්ධයෙන් තාම සූදාමක් නැහැ. ඒ නිසා විදෙස්ගත වීම සම්බන්ධයෙන් තවම ලොකු සූදානමක් නැහැ.

කලාකාරියක් වීම, නිළියක් වීම හර්ෂි පුංචි කාලේ දැකපු හීනයක්ද?

පුංචි කාලේ මම ජපානයට යන්න ලොකු හීනයක් තිබුණා. ඒක හීනයකටත් වඩා ලොකු පිස්සුවක්. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන් භාෂා ඉගෙන ගත්තා. ජපන් භාෂාව පවා ඉගෙන ගත්තා. ඔය අතරේ Little Star තරගයටත් මම ඉදිරිපත් වුණා. එතකොට මගේ වයස අවුරුදු එකොළහයි. ඒ හරහා මට මාධ්‍ය එක්කත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි මට රංගන ශිල්පිනියක් වීමේ හීනයක් තිබුණේ නැහැ. මේක ඇත්තටම අහම්බයක්. හැබැයි නර්තන ශිලිපිනියක් තුළ යම් තරමින් හෝ රංගන ශිල්පිනියක් ඉන්නවා. පුංචි කාලේ ඉඳන්ම ඒ නර්තනය හරියට හැදෑරු නිසා ඒ රංගන ශිල්පිනියට හොඳ විදිහට එළියට ගන්න මට අවස්ථාව ලැබුණා කියලයි මට හිතෙන්නේ.

හර්ෂි කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබපු සිසුවියක්. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යමක් කිව්වොත්?

මම සිනමා හා රූපවාහිනී අධ්‍යයන උපාධිය අවසන් කළා. ඒ වසර හතරක උපාධියක්. ඒ නිසා ඕස්ට්‍රේලියාවට ගිහින් පශ්චාත් උපාධිය හදාරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විවාහයයි, උසස් අධ්‍යාපනයයි මෙරටින් පිට තමයි තියෙන්නේ. ඒ නිසා ඔය දෙකම එකට වෙනවා නම් මම ආසයි.

හර්ෂිගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි මමයි. මගේ තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්. අපි ඉන්නේ රත්නපුරේ. මගේ කලා කටයුතු නිසා මායි, අම්මයි ඉන්නේ කොළඹ.

හර්ෂිගේ හැකියාවන් මුලින්ම හඳුනාගන්නේ ඔබේ අම්මයි….?

ඔව්. අදටත් ඒ හැකියාව හඳුනන්නේ මගේ අම්මයි. මගේ ජීවිතේ අද යම් හොඳ තැනක ඉන්නවා නම් රංගන ශිල්පිනියක් විදිහට පුංචි හෝ තැනක ඉන්නවා නම් ඒකේ ලොකුම හයිය මගේ අම්මයි. එයයි මට ශකිත්මති අඩිතාලම දැම්මේ. අම්මා තමයි පුංචි කාලේ මාව හඳුනාගත්තේ. තරගවලට මාව රත්නපුරේ ඉඳන් කොළඹට එක්කගෙන එද්දී බොහෝ දෙනා අම්මට විවිධ කතා කිව්වා. රත්නපුරේ ඉඳන් කොළඹට එන දවස්වලට අම්මා පාන්දර තුනට නැගිටලා බත් උයලා, බත් එකකුත් බැඳගෙන බස්වල මාව අරගෙන ආවා. බොහෝදෙනා බොහෝ කතා කිව්වා. අපිට ඒ කාලේ හිත රිදුණු තැන් බොහෝයි. හැබැයි අම්මා මට ලොකු හයියක් වුණා. ඒ කාලේ සමහර දේවල් මගේ පුංචි හිතට දරාගන්න බැරිවුණා. මම අසනීප වුණා…. හැබැයි ඒ හැම වෙලාවෙම මගේ අම්මා මාත් එක්ක හිටියා. අපිට සමහර අය නොකියපු කතා නැති තරම්. ළමයාට උගන්වන්නේ නැතිව ළමයා ඉස්සර කරගෙන නටවන්න ගෙනියනවා කියලා කිව්වා. හැබැයි අද මම අම්මා නිසා ජීවිතේ ජයගෙන ඉවරයි. අම්මා මාව හඳුනාගෙන එයාගේ මුළු ජීවිතේම මම වෙනුවෙන් කැප කළා. අදටත් එහෙමමයි. රත්නපුරේ ගෙවල් තිබුණට මගේ වැඩවලට පහසු නිසා අම්මා මාත් එක්ක කොළඹ ඉන්නවා. මම තුන වසරේ ඉඳන් රූපවාහිනියේ ගීතයක් ප්‍රචාරය වුණත් නටනවලු. ඒ හැකියාව අම්මා හඳුනාගත්ත නිසා පුංචි කාලේම අම්මා මාව නර්තන පන්තිවලට අරගෙන ගිහින් තිබුණා. මගේ ජීවිතේ ලොකුම සහයෝගය ලැබුණේ මගේ ගෙදරින්. අද ජීවිතේ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

උපුටා ගැනීමකි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42