රු 10,000ක වැටුප් වැඩිකිරීමක්? ලාල්කාන්තගෙන් රජයට බලපෑම්

එළඹෙන අයවැයේ දී රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

එම මධ්‍යස්ථානය ඊයේ (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු කේ.ඩී ලාල්කාන්ත මහතා,

“අපිට ආණ්ඩුවට කියන්න අවශ්‍යයි ඉදිරියේ දී එන අයවැයේ දී අපිට රු 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. හරි නිශ්චිතයි කාරණය. රාජ්‍ය අංශයට, පෞද්ගලික අංශයටත් වතු ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාවට මේ රු 10,000 වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දැනට වැඩ නොකරන එහෙත් විශ්‍රාමයෙන් තමන්ගේ ජීවිත ගැට ගසා ගන්න විශ්‍රාමිකයින්ටත් මේ වැටුප් වැඩිවීම අත්‍යාවශ්‍යයි. මෙතැනින් ඉදිරියට අයවැය දක්වා ම අපිට රු10,000ලැබෙනවා කියලා සහතින වෙනකල් ම අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් රටපුරා ම ගෙනියන්න තීරණය කරලා තියෙනවා. හොරකම් කරලා තියෙන ඒවා ගෙනල්ලා හරි, තමන් විවිධ ක්‍රමවලට එකතු කර ගත්ත ධනය දේපළ ඒවා රජයට පවරාගෙන හරි ඉතිරි අවුරුදු 2,3,4 බලයේ ඉන්න ඕනේ නම් පාලකයන්ට අනිවාර්යයෙන් සිදුවෙනවා මේ ඉල්ලීම් ඉටුකරන්න.”

එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු, වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ භාණ්ඩවල මිල වැඩිකිරීම් තවමත් රජයේ සංඛ්‍යා ලේඛනවල නොමැති බවය.

“ඔක්තෝබර් මාසයේ බඩු මිල වැඩිවුණ ඒවා එන්නේ නොවැම්බර් මාසයේ. මේ වෙන විට ආණ්ඩුව ගණන් හදලා තියෙන ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන 2021 සැප්තැම්බර්  මාසය වෙනවිට 4 දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට යන වියදම රු 65,047ක් වෙනවා. දැන් රු 65,000ක් 4 දෙනෙකුට ජීවත්වෙන්න යනවා කියන ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛන අනුව අපි කොහොමද ජීවත් වෙන්නේ රු 16,000ක පඩියක් අරන්. අද රාජ්‍ය අංශ සේවකයා කොහොමද රු 31,000ක පඩියක් අරන් ජීවත් වෙන්නේ. ඒ නිසා අද බරපතළ ප්‍රශ්නයක් තියෙනවා වැටුප්වල මේ වැඩිවීම අනුව නම් පඩිය ඩබල් වෙන්න ඕනේ. නැතුව කොහොම ද ජීවත් වෙන්නේ.”

කේ.ඩී ලාල්කාන්ත මහතා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28