රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහැර නරඹන්න ජනපති එක්වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) රාත්‍රියේ එක්ව සිටියා.

මෙහිදී, ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලට ද සහභාගි වී ආශිර්වාද ලබා ගැනීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ.

ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජය ගොඩනැඟුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බවත්, අපේ රට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින් බවත් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.

එම ඓතිහාසික සංස්කෘතික උරුමය සහ මාතෘභූමිය සමඟ ජනතාවගේ ඓන්ද්‍රීය සබඳතාව පෙන්නුම් කරන ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය හඳුන්වා දිය හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම, රටේ සියලු ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම අවස්ථාව අපේ රටේ අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය ද පෙන්නුම් කරන අවස්ථාවක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම ඓතිහාසික කාර්යභාරය වෙනුවෙන් මගපෙන්වීම සිදු කළ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේටත්, මීට දායකත්වය ලබා දුන් බස්නායක නිලමේවරයා ඇතුලු සියලුදෙනා වෙතත් කෘතවේදීත්වය පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39