spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවෙනුත් චන්ද්‍රයා වෙතට අභ්‍යාවකාශ යානයක්

වසර 47කට පමණ පසු රුසියාව සඳ මත සිය පළමු ගවේෂණය ආරම්භ කරමින් අද අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කර තිබෙනවා.

මෙය වසර ගණනාවක අරගලයකින් ද පසු යුක්රේන ගැටුම් හමුවේ හුදෙකලා වූ තම රටෙහි අභ්‍යවකාශ ක්ෂේත්‍රයට නව ජවයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුමක් ලෙසටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මොස්කව් හි Luna 25 මෙහෙයුම රුසියාවේ Vostochny Cosmodrome වෙතින් නියමිත වේලාවට පිටත් වී තිබෙනවා.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ජල තැන්පතු පවතින බවට විශ්වාස කෙරෙන අතර රුසියාවේ අරමුණ මෙම ගවේෂණය මගින් එය නිශ්චිතව තහවුරු කර ගැනීමයි.

දැනටමත් සඳ වටා කක්ෂගත වෙමින් පවතින ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුමට අභියෝගයක් ලෙසටයි රුසියානු මෙහෙයුම සිදුවන්නේ.

රුසියානු අභ්‍යවකාශ ප්‍රධානියා ඉන්ටර්ෆැක්ස් වෙත ප්‍රකාශ කළේ තම ලෑන්ඩරය අගෝස්තු 21 වන සඳ මතුපිට ස්පර්ශ කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම සතිය මුල වන විට පැවති තත්වයන් අනුව ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ද අගෝස්තු 23 වන දින සඳ මතුපිටට ළඟා වීමට නියමිතව තිබුණා.

රුසියානු අභ්‍යවකාශ යානය දින පහකින් චන්ද්‍ර කක්ෂයට ළඟා වීමට නියමිතයි.

ඉන්පසු එය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට ගොඩ බැසීමට පෙර නිවැරදි ස්ථානයක් තෝරා ගැනීම වෙනුවෙන් දින තුනත් හතත් අතර කාලයක් ගත කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?