රුසියාවෙනුත් චන්ද්‍රයා වෙතට අභ්‍යාවකාශ යානයක්

වසර 47කට පමණ පසු රුසියාව සඳ මත සිය පළමු ගවේෂණය ආරම්භ කරමින් අද අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කර තිබෙනවා.

මෙය වසර ගණනාවක අරගලයකින් ද පසු යුක්රේන ගැටුම් හමුවේ හුදෙකලා වූ තම රටෙහි අභ්‍යවකාශ ක්ෂේත්‍රයට නව ජවයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුමක් ලෙසටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මොස්කව් හි Luna 25 මෙහෙයුම රුසියාවේ Vostochny Cosmodrome වෙතින් නියමිත වේලාවට පිටත් වී තිබෙනවා.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ජල තැන්පතු පවතින බවට විශ්වාස කෙරෙන අතර රුසියාවේ අරමුණ මෙම ගවේෂණය මගින් එය නිශ්චිතව තහවුරු කර ගැනීමයි.

දැනටමත් සඳ වටා කක්ෂගත වෙමින් පවතින ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුමට අභියෝගයක් ලෙසටයි රුසියානු මෙහෙයුම සිදුවන්නේ.

රුසියානු අභ්‍යවකාශ ප්‍රධානියා ඉන්ටර්ෆැක්ස් වෙත ප්‍රකාශ කළේ තම ලෑන්ඩරය අගෝස්තු 21 වන සඳ මතුපිට ස්පර්ශ කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම සතිය මුල වන විට පැවති තත්වයන් අනුව ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ද අගෝස්තු 23 වන දින සඳ මතුපිටට ළඟා වීමට නියමිතව තිබුණා.

රුසියානු අභ්‍යවකාශ යානය දින පහකින් චන්ද්‍ර කක්ෂයට ළඟා වීමට නියමිතයි.

ඉන්පසු එය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට ගොඩ බැසීමට පෙර නිවැරදි ස්ථානයක් තෝරා ගැනීම වෙනුවෙන් දින තුනත් හතත් අතර කාලයක් ගත කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32