spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවෙන් ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් – මෙරට තානාපතිනිය කැඳවා දොස් කියයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් මෙරට තුළ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පළකර තිබෙනවා.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ ඊයේ (03) එරට විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

රුසියාවේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිත මෙම ගුවන් යානයට පෙරේදා (02) කටුනායක ගුවන්තොටුපලින් පිටත්වීමට අවසර නොදෙමින් අධිකරණ නියෝගයක් නිකුත් කළා.

ගුවන් යානා කල් බදු සමාගම සමඟ පවතින ගැටලුවකට අදාළව මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?