රුසියාවෙන් දැඩි තීරණයක්

රුසියාව තුළ වීසා සහ මාස්ටර් කාඩ් භාවිතය අත්හිටුවා තිබේ.

ඒ අනුව රුසියානු බැංකු විසින් නිකුත් කර ඇති අදාළ කාඩ්පත් භාවිතයෙන් ගනුදෙනු කිරීමට කාඩ්පත් හිමියන්ට හැකියාව නොලැබෙන බව එම ආයතන පවසයි.

අමෙරිකානු වීසා සහ මාස්ටර් කාඩ් ආයතන දෙක රුසියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියානු මූල්‍ය සහ බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසකට එරෙහිව රාජ්‍ය මට්ටමේ සහ ආයතනික මට්ටමේ සම්බාධක රැසක් මේ වන විටත් පනවා ඇති බව වාර්තා වේ.