රුසියාවෙන් ඇදහිය නොහැකි මිසයිලයක් යුද බිමට

අද (19) දිනයේ යුක්‍රේනයේ මරියුපෝල් නගර මධ්‍යයේ සටන් දැඩිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මරියුපෝල් නගරයේ අද දකින තත්ත්වය යුද්ධයක ඇති බිහිසුණු බව නැවත වරක් පැහැදිලි කරන බවය.

රුසියා – යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 24කි.

එක්සත් ජනපද බුද්ධි වාර්තා අනාවරණය කරන්නේ ඉදිරි සති කිහිපය තුළ රුසියාවේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ දකුණු වරාය නගරයක් වන මරියුපොල් බිඳවැටීමට ඉඩ ඇති බවය. 

උපායමාර්ගිකව වැදගත් යුක්‍රේනයේ දකුණුදිග මයිකොලිව් නගරයේ හමුදා බැරැක්කයකට රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන සොල්දාදුවන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත ද අඛණ්ඩව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලවෙමින් පවතී.

නවතම වාර්තා අනුව රුසියානු හමුදා යුක්‍රේනයේ බටහිර ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කිරීම‍ට භාවිත කර ඇත්තේ, මිසයිල ආරක්ෂණ පද්ධති මගහැර සහ ශබ්දයේ වේගය අභිබවා යාහැකි “හයිපර්සොනික්” කාණ්ඩයේ මිසයිල බවද අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ප්‍රහාරක යානා යුක්‍රේන ගුවන් යානා නාශක පද්ධති ඇතුළු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ පටද රුසියාව මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ.

මේ අතර යුද්ධය නතර නොකළහොත් යුද්ධයෙන් රුසියාවට වන හානියෙන් මිදීමට පරම්පරා කිහිපයක් ගතවනු ඇති බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. 

වත්මන් සහ හිටපු යුරෝපීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු යුක්‍රේන ජනාධිපතිවරයා සහ එරට ජනතාව 2022 නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නම්කරන ලෙස නෝර්වීජියානු නොබෙල් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01