රුසියානු හමුදා ප්‍රහාරයකින් යුක්රේන හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකික සෙබළුන් තිදෙනෙක් මරුට 

රුසියානු හමුදා ප්‍රහාරයකින්, යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන කපිතාන් රනිෂ් හේවගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියානු හමුදා විසින් පෙරේදා (04) යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද ප්‍රහාරයක දී ඔවුන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

කපිතාන් රනිෂ් හේවගේ මහතා, ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යානුකූල ලෙස ඉවත්ව යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 2022 වසරේ මාර්තු මාසයේදී සේවයට බැඳී තිබේ.

රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී ඒ මහතා පෙරමුණේ දැක්වූ වීරත්වය හේතුවෙන් එරට ජනාධිපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රදානය කර ඇත.

රුසියානු රජයේ හමුදාවන් විසින් “කළු හතුරා” ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ මහතා නම්කර තිබී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14