spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියානු හමුදා තවදුරටත් යුක්‍රේන දේශසීමාවේ

දිගින් දිගටම යුක්‍රේනය ආක්‍රමණය කිරීමට උත්සාහ දැරුවහොත් රුසියාවට දිගුකාලීන අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බව අමෙරිකාව හා බ්‍රිතාන්‍යය අවධාරණය කර තිබේ.

ඒ, මෙම අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අතර මිනිත්තු 40කට වැඩි කාලයක් පැවති දුරකථන සංවාදයකදීය.

මේ අතර යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ රුසියානු හමුදා ශක්තිය ගොඩනගන අයුරු දැක්වෙන වීඩියෝපට කිහිපයක් සමාජ මාධ්‍ය උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කළේය.

අධික හිමපතනය මධ්‍යයේ සහ රාත්‍රී කාලයේ පවා රුසියානු හමුදා භටයන් යුදෝපකරණ ප්‍රවාහන කරන ආකාරයද එහි දැකගත හැකිය.

යුක්‍රේනය පිළිබඳ ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විසඳුමක් ලබාගැනීම අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අපේක්ෂාව වී තිබේ.

යුක්‍රේන ආක්‍රමණයක් අත ළඟ බවට අනතුරු ඇඟවීම් රැසක් නිකුත් වී ඇති පසුබිමක වුවත් ගිවිසුමක් ඇති කරගැනීම සඳහා තවමත් කාලය තිබෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් තීරණය කර තිබේ.

රුසියාව දිගින් දිගටම යුක්‍රේන ආක්‍රමණය කිරීමට උත්සහ දැරුවහොත් ඔවුන්ට දිගුකාලීන අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බව පැවසූ නායකයන් දෙපළ එය රුසියාවට මෙන්ම මුළුමහත් ලෝකයටම හානිදායක වනු ඇති බව අවධාරණය කළේය.

කෙසේ නමුත් රුසියාව පවසන්නේ උද්ගතව ඇති ආරක්ෂක අර්බුදය සමනය කර ගැනීමට අදාළව බටහිර රටවල් සමග අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදුකිරීමට සූදානම් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?