රුසියානු හමුදාව ඉහළ දැමීමට පුටින්ගෙන් නියෝග

රුසියානු හමුදාවේ සාමාජිකයින් සංඛ්‍යාව තවත් 180,000 කින් වැඩි කරන ලෙස ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නියෝග කර තිබෙනවා.

මේ සමඟ රුසියාවේ සමස්ත හමුදා සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 2.4ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වන්නේ.

රුසියාව, යුක්‍රේනය සමඟ 2022 පෙබරවාරි මාසයේ දී යුද්ධය ආරම්භ කළ දා සිට හමුදා සංඛ්‍යාව ඉහළ දැමීමට පුටින්ගෙන් නියෝග ලැබුණු තුන්වන අවස්ථාව මෙය වනවා.

ක්‍රෙම්ලිනය විසින් සඳුදා ප්‍රකාශයට පත් කරන ලද නියෝගය අනුව, නව හමුදා සාමාජිකයින් එළඹෙන දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක වන බව සඳහන්.

පසුගිය මාසයේ යුක්‍රේනය රුසියාවේ දකුණු කර්ස්ක් කලාපයේ දේශසීමා හරහා ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසුව පුටින්ගේ මෙම නියෝගයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47