රුසියානු විපක්ෂ නායකගේ මරණය සැකයක් – බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක්

බන්ධනාගාර ගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ පවසනවා.

ඇලෙක්සි නවාල්නිගේ බිරිඳ යුලියා නවල්නායා මියුනිච් ආරක්ෂක සමුළුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ තම සැමියාගේ මරණය පිළිබඳ පුවත රුසියානු රජයේ මූලාශ්‍රවලින් පැමිණ ඇති නිසා එය සැක සහිත බවයි.

“අපිට පුටින් සහ පුටින් රජය විශ්වාස කරන්න බැහැ. ඔවුන් හැම විටම බොරු කියනවා,” යනුවෙන් එහිදී ඇය පවසා සිටියා.

මේ අතර රුසියානු විපක්ෂ නායකවරයාගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා පිරිස්වලට එරෙහි ව රුසියානු රජය අනතුරු අඟවා ඇති බව වාර්තා වනවා.

බන්ධනාගාරගත ව සිටි රුසියානු විපක්ෂ නායකවරයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බව ඊයේ (16) නිවේදනය කළා.

මේ අතර මියගිය රුසියානු විපක්ෂ නායකවරයාට ගෞරව කිරීම සඳහා විවිධ පාර්ශ්ව මොස්කව්හි වීදි පුරා අනුස්මරණ උත්සව සංවිධානය කර ඇති බවයි වාර්තා වුණේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සිටි ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙසටයි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14