රුසියානු යුද්ධයට ගොස් අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් බේරාගන්න සජබ මන්ත්‍රී කණ්ඩායමක් රුසියාවට (වීඩියෝ)

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කඳවුර තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා සහ රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරාගෙන යළි දිවයිනට රැගෙන ඒමේ රාජතාන්ත්‍රික මෙහෙයුමක් සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

විපක්ෂ මන්ත්‍රීවරුන්වන නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී.අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මන්ත්‍රී කණ්ඩායම පළමුව මියන්මාරයේ දින පහක් රැඳී සිටින අතර, ඉන්පසු රුසියාවට ගොස් එහි ද පහක් ගතකරමින් මෙම රාජතාන්ත්‍රික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමතයි.

එහිදී එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකිකයින් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම සංචාරය තුළ සිදුකරනු ඇති.

විපක්ෂයේ මෙම මන්ත්‍රීවරුන් පිරිස මහ නා හිමිවරුන්ගේ සහ විපක්ෂ නනායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි රැගෙන මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ, මියන්මාරයේ සංඝ නායක හිමිවරුන් සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වී ඒවා භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11