රුසියානු යුද්දයෙන් යුක්‍රේන සොල්දාදුවන් 31,000ක් ජීවිතක්ෂයට

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ යුක්‍රේන සොල්දාදුවන් 31,000ක් මිය ගොස් ඇති බව ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පවසනවා.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තුවාල ලැබූ සංඛ්‍යාව තමන් ලබා නොදෙන බැවින් එය රුසියානු හමුදා සැලසුම්කරණයට උපකාරී වනු ඇති බවයි.

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්‍රේනයේ ප්‍රදේශවල සිවිල් වැසියන් දස දහස් ගණනක් මිය ගොස් ඇති බව ද යුක්‍රේනය ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එම සංඛ්‍යාව සැබෑවටම නොදන්නා බවයි ඊයේ ඔහු සඳහන් කළේ.

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මේ බව සඳහන් කළේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දෙවසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර යුක්‍රේනය මේ වන විට රුසියාව තම භූමියෙන් පලවා හැරීමේ මෙහෙයුමේ විවිධ පසුබෑම් අත්විඳිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14