spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියානු යුද්දයෙන් යුක්‍රේන සොල්දාදුවන් 31,000ක් ජීවිතක්ෂයට

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ යුක්‍රේන සොල්දාදුවන් 31,000ක් මිය ගොස් ඇති බව ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පවසනවා.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තුවාල ලැබූ සංඛ්‍යාව තමන් ලබා නොදෙන බැවින් එය රුසියානු හමුදා සැලසුම්කරණයට උපකාරී වනු ඇති බවයි.

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්‍රේනයේ ප්‍රදේශවල සිවිල් වැසියන් දස දහස් ගණනක් මිය ගොස් ඇති බව ද යුක්‍රේනය ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එම සංඛ්‍යාව සැබෑවටම නොදන්නා බවයි ඊයේ ඔහු සඳහන් කළේ.

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මේ බව සඳහන් කළේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දෙවසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර යුක්‍රේනය මේ වන විට රුසියාව තම භූමියෙන් පලවා හැරීමේ මෙහෙයුමේ විවිධ පසුබෑම් අත්විඳිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?