රුසියානු යුක්‍රේන සටනට මඳ විරාමයක්

දෙසතියක් පැවති යුද්ධයට විරාමයක් තබමින් සටන් විරාමයක් සඳහා රුසියානු- යුක්‍රේන බලධාරීන් ඊයේ (09) එකඟතාවකට පැමිණියේය.

යුද්ධයෙන් වැඩි බලපෑම් එල්ල වූ කියුව්, මරියුපෝල් වැනි නගර සඳහා මේ පැය 12ක සටන්විරාමය නම් කෙරුණේ සිවිල් වැසියන් ආරක්ෂිතව ඉවත්කිරීම සඳහාය.

දෙරට අතර පසුගිය මස 24වැනිදා සිට පවතින යුදමය වාතාවරණය තුළ සිවිල් වැසියන් 1,300ක් පමණ මියගොස් ඇතැයි යුක්‍රේන වාර්තා පවසයි.

කෙසේ වෙතත් සමස්ත ලෝකයම මහත් කැලඹීමකට පත්කරමින් යුක්‍රේනයේ මරියුපොල් හි මාතෘ සහ ළමා රෝහලකට රුසියානු ප්‍රහාරයක් ඊයේ එල්ල වුණි.

ප්‍රහාරයෙන් රෝහලේ වාට්ටු කිහිපයක් මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර, ප්‍රහාර එල්ලවී තිබුණේ සටන් විරාමය මධ්‍යයේ වීම කණගාටුවට කරුණකි.

සිද්ධියේදී බිළිඳුන් හා මව්වරුන් සැලකිය යුතු පිරිසක් මියයන්නට ඇතැයි බලධාරීන් පවසයි.

එමෙන්ම සුන්බුන් අතර සිරවූ තවත් විශාල පිරිසක් සිටින අතර ඔවුන් සොයා සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ වී තිබේ.

විදෙස් වාර්තාවල සදහන් වන්නේ, රෝහල ඉලක්කකරමින් ප්‍රහාර කිහිපයක්ම එල්ලවී ඇති බවය.

රෝහල ඉලක්ක කර එල්ල වූ මේ ප්‍රහාරය සාහසික යුද අපරාධයක් බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත්ව ඇතැයි එක්සත් ජාතීන් නිවේදනය කළ අතර මෙය පිළිකුල් සහගතය ක්‍රියාවක් බව එක්සත් රාජධානිය පවසයි.

කෙසේ නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කරන්නේ රුසියාව කිසි විටෙක සිවිල් වැසියන් ඉලක්ක කළ ප්‍රහාර දියත් නොකරන බවය.

මේ අතර රුසියානු හමුදා කියෙව් අගනුවර වටකර සිටින බව යුක්‍රේන හමුදා අංශ අනාවරණය කරයි.

රුසියාවට අයත් දැවැන්ත හමුදා බලඇණිය මේ වනවිට කියෙව් නගරයට සැතපුම් 15ක් පමණ ආසන්නයේ රඳවා ඇතැයිද සඳහන්ය.

යුක්‍රේනය චෝදනා කරන්නේ, ඔවුන් ඉන්ධන හිඟයකින් පීඩා විඳින නමුත් ඉන්ධන හා ලිහිස් තෙල් ලබාගැනීම සඳහා බෙලරුස් රජයේ සහාය හිමවන බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46