රුසියානු ප්‍රහාරක ජෙට් යානා තුනක් යුක්රේන ප්‍රහාරවලින් විනාශ වෙයි

රුසියානු ප්‍රහාරක ජෙට් යානා තුනක් වෙඩි තබා බිම දැමූ බව යුක්රේන හමුදාව පවසනවා.

කර්සන් කලාපයට ඉහළින් පියාසර කළ Su-34 ප්‍රහාරක යානා තුනක් මෙලෙස වෙඩි තබා බිම හෙලූ බවයි යුක්රේන ගුවන් හමුදාව නිවේදනය කළේ.

ජනාධිපති Volodymr Zelensky ගුවන් යානා බිම හෙළූ සෙබළුන්ට ස්තූතිය පුද කළේ යුද්ධයෙන් විනාශ වූ Kherson කලාපයේ මෙම සිදුවීම සිදු වූ බව පවසමින්.

රුසියාව සිය ජෙට් යානා අහිමි වීම ගැන අදහස් දක්වා නැහැ. එහෙත් රුසියානු යුද බ්ලොග්කරුවෙකු වන ෆයිටර්බෝම්බර්, වාර්තා කර ඇත්තේ රුසියාවට නිශ්චිත නොවන ගුවන් යානා සංඛ්‍යාවක් අහිමි වූ බවයි. ඒවා බොහෝ විට එක්සත් ජනපදය විසින් සාදන ලද පැට්‍රියට් මිසයිල මගින් බිම හෙළන්නට ඇති බව එහි සඳහන්.

දිවි ගලවා ගත් සහ මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාම සොයා ගත් බව බ්ලොග්කරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

2022 පෙබරවාරි මාසයේදී රුසියාවේ ආක්‍රමණයෙන් පසුව අඛණ්ඩව සටන් කරමින් සිටින බැවින් යුක්රේනය පතොරම් හිඟයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේනයේ විශාලතම මිලිටරි ආධාරකරු වන එක්සත් ජනපදයේ රිපබ්ලිකන් නියෝජිතයින් යුක්‍රේනයේ යුද ප්‍රයත්නයට තවදුරටත් අරමුදල් සැපයීමට මැලි වී ඇතැයි ද සඳහන්.

මේ සතියේ වසර අවසාන මාධ්‍ය හමුවකදී සෙලෙන්ස්කි මහතා අවධාරනය කළේ යුක්‍රේනය රුසියාව සමඟ යුද්ධයෙන් පරාජය නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14