රුසියානු තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවී සුහද සාකච්ඡාවක නිරත වුණා.

මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දශක ගණනාවක් පුරා පවතින සුහද සහ ශක්තිමත් මිත්‍ර සබඳතා සිහිපත් කළ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සපිරීම ලබන වසරේදී සමරනු ලබන බව ද සඳහන් කළා.

එමෙන්ම, ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාවට රුසියාව විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ කථානායකවරයා, විවිධ ක්ෂේත්‍රවලදී රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති වටිනා දායකත්වය ද ඇගයීමට ලක් කළා.

තවද, ශ්‍රී ලංකා තේ සඳහා ප්‍රධාන ආනයනකරුවන් අතර රුසියාවට හිමි ස්ථානය අගය කළ කථානායකවරයා, බලශක්ති ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කළා.

මෙහිදී අදහස් දක්වමින් රුසියානු තානාපතිවරයා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවතින බව අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවෙන් හිමිවූ දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගය වෙනුවෙන් කථානායකවරයාට සිය ස්තුතියද පළ කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මට්ටමේ සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මෙන්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර හුවමාරු වැඩසටහන් පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව ද තානාපතිවරයාගේ අවධානය යොමු වුණා.

මෙම හමුවේදී දෙපාර්ශ්වයම වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය, පාර්ලිමේන්තු සබඳතා සහ හුවමාරු වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය යහපත උදෙසා කටයුතු කිරීමට සිය කැපවීම යළි තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11