රුසියානු ගුවන් යානයක් නැවැත්වීමේ සිද්ධියේ නීතිඥවරයෙක් චෝදනාවලින් නිදහස්

2022 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රුසියනු ඒරොෆ්ලෝට් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් පාලක මැදිරියට ගොස් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යයි චෝදනා ලබා සිටි නීතිඥවරයෙක් එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියෝග කර තිබෙනවා.

ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන්නා.

අදාල සිද්ධියේදී වග උත්තරකාර නීතිඥවරයා නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති හෙයින් ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා.

වෙළඳ ගනුදෙනුවකට අදාලව අයර්ලන්ත සමාගමක් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණය 2022 වසරේ ජුනි මස 02 වනදා කොළඹ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි ඒරොෆ්ලොට් ගුවන් යානයක් මෙරටින් පිටවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

එම වාරණ නියෝගය කටුනායක ගුවන් තොටුපොළේ පාලක මැදිරිය වෙතට භාරදීමට යාමේදී අදාල නීතිඥවරයා සිය නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව මෙම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04