spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුවන් නියෝජ්‍යනායක ධූරයෙන් ඉල්ලා අස්වේ?

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. එම අවස්ථාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියා.

එහි විශේෂත්වය වූයේ එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග,ලක්ෂ්මන් විජේමාන්න යන අයද සහභාගීවී සිටීමයි .

මෙහිදී නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද අදහස් පළ කර සිටියා.
අපි මේ වෙලාවේ කරන්න ඕනේ ඉන්න පිරිස තුන හතරට බෙදිලා මේක කෑලිවලට ඇදීම නෙමෙයි. ඉන්න සියලු දෙනාම එකතු කරගෙන ශක්තිමත් වෙන්නයි. එහෙම නොවුනොත් අපිට මේ තියන ටිකත් නැති වෙයි. ඒ නිසා මම කැමැතියි නියෝජ්‍ය නායක තනතුරෙන් ඉවත් වෙලා හරි පක්ෂය ශක්තිමත් කරන්න පුළුවන් කෙනෙකුට මේක ලබා දෙන්න. මට නායකත්වයට යෑමේ අවශ්‍යතාවයක් නැතැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?