රුවන්ඩාවේ ජල ගැලීම්වලින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

දින ගණනාවක සිට රුවන්ඩාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමගින් හටගත් ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් 109 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්වය නිසා සහන සේවා කටයුතු සහ මුදා ගැනීමේ මෙහෙයුම් ඇණහිට ඇති බවයි රුවන්ඩා රජය පවසන්නේ.

අවතැන්ව සිටින පිරිස් වෙත ගොඩබිම් මාර්ග ඔස්සේ ගමන් කිරීම ද අසීරු වී තිබෙන්නේ ප්‍රධාන මාර්ග බොහොමයක් ජලයෙන් යටවී තිබීම හේතුවෙන්.

ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් නාය ගොස් ඇතැයි ද එරට ක්‍රියාත්මක සහන සේවා සංවිධාන වාර්තා කර තිබෙනවා.

2020 වසරේ මැයි මාසයේ පුද්ගලයන් 80 දෙනෙකු පමණ මිය ගිය ජල ගැලීමෙන් පසු රුවන්ඩාවට බලපෑ දරුණුතම ගංවතුර මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44