රුමේෂ් තරංගට රන් පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේ හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

මෙහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 82.05ක්.

මේ අතර මෙහි කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ සමත් වුණා.

නදීෂා මෙහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 57.53ක්.